බිත්තර මිල ගැන තීරණයක්.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Apr 21, 2023 09:50 AM GMT
krishani

krishani

Report

ඉදිරි සති දෙක තුළ බිත්තර මිල අඩු කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ ය.

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව අමාත්‍යවරයා ගනේමුල්ල ප්‍රදේශයේ ඊයේ(20) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ.

මේ අතර, අද (21) ජාඇල පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි කියා සිටියේ, බිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 30කට වඩා අඩු වුවත් ඊට සාපේක්ෂව ඉදිරියේ දී බිත්තර මිල අඩු කළහොත් බිත්තර නිෂ්පාදකයන් ගැටළු රැසකට මුහුණදෙන බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join