බිත්තර කන අයටත් රතු එළියක්...වෙන දේ මෙන්න.
Sri Lanka
Mahindananda aluthgamage
Eggs price
By Aruna
අද හෙටම වැඩිම වන තවත් දේවල් මෙන්න දේශීය දියර කිරි මිල ගණන් ද අද හෙටම ඉහළ යනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පැවසුවේය.
දියර කිරි මිල ඉහළ දමන ලෙස කිරි ගොවි සංගම් කීපයක් ඉල්ලීම් කර ඇතැයි ද ඇමැතිවරයා කියයි.
ඒ පිළිබඳව සලකා බලන බවත් වෙළෙඳපොළේ කිරි මිලත් සමග දියර කිරි මිලද සංසන්දනය කිරීමට සිදුවන බැවින් දේශීය කිරි ගොවියාට වැඩි මිලක් ලබා දීමට සිදුවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
තරගකාරී පසුබිම මත දේශීය දියර කිරි මිල රජය මගින් ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පැන නොනගින අතර ව්‍යාපාරික ප්‍රජාව අතින්ම එම කාරණාව සිදුවනු ඇතැයි ද ඔහු පැවසීය.
ඉන් කිරි ගොවියාත් ආරක්ෂා වන බව ඇමැතිවරයා කියයි.
කිරි ගොවීන්ට උදව් කිරීමේ අවශ්‍යතාව නිසා මිල්කෝ සමාගම ද දියර කිරි මිල ඉහළ දමනු ඇති බවත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |