බිත්තරයක දැන් මිල මේ ගානද..උත්සව සමයේ බිත්තර මිලට සිදුව ඇති දේ..
Food Shortages
Sri Lanka Food Crisis
Egg
Latest Headlines
By Sewvandhi
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය හා තොග වෙළෙඳුන් බිත්තරවල උපරිම සිල්ලර මිල රුපියල් 41ක් ලෙස පවත්වා ගැනීමට එකඟතාව පළකර තිබෙනවා.
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා සිටියේ, පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණු බවයි.
බිත්තරයක ෆාම් රේට් එක රුපියල් 35ත් 36ක මිලකට රදවා ගැනීමටත් බිත්තරයක සිල්ලර මිල රුපියල් 41ක සීමාවක රදවා ගැනීමටත් එම සාකච්ඡාවේදී එකඟතාවය පළ වූ බවයි වාර්තා වන්නේ.
පාරිභෝගික අධිකාරිය, වෙළඳ අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ඔවුන්ද එම මිලගණන්වලට එකඟතාවය පළකර තිබෙනවා.
ඉදිරියේදී උත්සව කාල සීමාව තුළත් මෙම මිලෙහි රඳවා ගැනීමට අපේක්ෂා කරන අතර ජනවාරී මාසය තුළ දී පවතින තත්ත්වය මත මිල තීරණය කිරීමට සූදානම් බවයි, ආරංචි මාර්ග සඳහන් කරන්නේ.