ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ නව වසරේදී සම්පූර්ණ ඇගයීමක් ..මෙරට චීන තානාපති පවසයි..

Sri Lanka Government Of Sri Lanka China
By Piyumika Oct 31, 2024 02:11 PM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ නව වසරේදී සම්පූර්ණ ඇගයීමක් සිදුකිරීමට චීන රජය කටයුතු කරන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ චීන ආධාර යටතේ පුහුණුවූවන් වෙනුවෙන් කොළඹ ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමිනි.

ඊට එක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසා සිටියේ මෙරට ණය ප්‍රතිකර්ම ක්‍රියාවලිය නුදුරේදීම අවසන් කර, ප්‍රමුඛතා ව්‍යාපෘති සඳහා නව මූල්‍යාධාර ලබාගැනීම යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

බස් රථයක් හා ලොරි රථයක් ගැටී බිහිසුණු අනතුරක්..16 දෙනෙකු රෝහල් ගත කරයි..

බස් රථයක් හා ලොරි රථයක් ගැටී බිහිසුණු අනතුරක්..16 දෙනෙකු රෝහල් ගත කරයි..

ඊට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සඳහන් කළේ,

"ශ්‍රී ලංකාව සමග සියලු ක්ෂේත්‍රයන්හි අධ්‍යාපන සහයෝගිතාවක් පවත්වාගැනීම චීන රජය අතිශය වැදගත් කොට සලකනවා. වසර ගණනාවක් මුළුල්ලේ චීනයේ දී ශ්‍රී ලාංකිකයින් එවැනි විවිධ පුහුණු වැඩසටහන්වලට සහභාගී කරවීමට අපේ විදේශ ආධාර මුදල් යොදාගත්තා. මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට දහසකට වැඩි ශ්‍රී ලාංකිකයින් ප්‍රධාන ක්ෂේත්‍ර 17ක් ආවරණය කරන පුහුණු වැඩසටහන් සඳහා චීනයට ගොස් තිබෙනවා."

"සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග මානව සම්පත් සහයෝගිතාව වැඩිදියුණු කිරීමට චීන රජය අඛණ්ඩව කටයුතු කරනවා. නව වසරේදී ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධනය අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීන රජය කටයුතු කරනවා. එහිදී ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට චීනයේ දී පුහුණු ලබාදීමටත් එම පුහුණු වැඩසටහන් නිශ්චිත විෂයන්ට අදාළව වඩාත් ඵලදායී ආකාරයට සිදුකිරීමටත් අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව සහ චීනය අතර මිතුදම සදාකල් පවතීවායි මම ප්‍රාර්ථනා කරනවා."

දෙවියනේ.!.ගත වූ පැය 24ක කාලයට මෙච්චර ප්‍රමාණයක්..

දෙවියනේ.!.ගත වූ පැය 24ක කාලයට මෙච්චර ප්‍රමාණයක්..

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා,

"විශේෂයෙන් අර්බුදකාරී සමයේ දී ශ්‍රී ලංකාවට ආර්ථික අභියෝග ජයගැනීම සඳහා සහායවීමට චීනය ණය සහ මූල්‍යාධාර ලබාදුන්නා. සමස්තයක් ලෙස චීනය අඛණ්ඩව ලබාදෙන සහාය ආර්ථික වර්ධනය සහ නවීකරණය සඳහා ශ්‍රී ලංකාවේ අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට සැබැවින්ම වැදගත්වනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිකර්ම ක්‍රියාවලියේ දී චීනය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ බව කිවයුතුයි. හරියටම වසරකට පෙර, 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී චීනය ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන් අතුරින් ණය ප්‍රතිකර්ම සඳහා ප්‍රකෘතිමත් එකඟතාවක් ප්‍රකාශයට පත්කළ ප්‍රථම රට වනවා.

ශ්‍රී ලංකාව චීන එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය සඳහා එම ණය ප්‍රතිකර්ම කොන්දේසි එකඟතාව ඇතිවුණා. එම එකඟතාව බලාත්මක වීමත් සමග ණය ප්‍රතිකර්ම ක්‍රියාවලිය අවසන් කළ පළමු බාහිර ණයහිමියා බවට පත්වුණේ චීන එක්සිම් බැංකුවයි. චීන සංවර්ධන බැංකුවට අදාළ ණය ප්‍රතිකර්ම ක්‍රියාවලිය ද විශිෂ්ට ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා."

රත්තරන් මාලයක් ගන්නද හිතුවේ..දන්නවද අද මිල ගණන් ..

රත්තරන් මාලයක් ගන්නද හිතුවේ..දන්නවද අද මිල ගණන් ..


"දැන් අප චීන සංවර්ධන බැංකුවට අදාළ ණය ප්‍රතිකර්මය නිල ණයහිමියන් සමග සංසන්දනාත්මක ණය ප්‍රතිකර්මයක් කිරීමේ අවසන් අදියරට පැමිණ සිටිනවා. මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කොතරම් සංකීර්ණද, අභියෝගකාරීද යන්න සියලුදෙනාම දන්නවා. අපට මෙය සිදුකළ හැකිවන්නේ චීන ණයහිමියන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්‍යොන්‍ය විශ්වාසයෙන් සහ යහපත් ආකල්පයකින් කටයුතු කිරීම නිසයි. ණය ප්‍රතිකර්ම පරිච්ඡේදය නුදුරේදීම අවසන් කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. ඒ අනුව ඉදිරියේ දී ඉහළ ප්‍රමිතියේ ප්‍රමුඛතා ව්‍යාපෘති සඳහා නව මූල්‍යාධාර ඇතුළුව චීනය සමග ශක්තිමත් මූල්‍ය සහයෝගීතාවක් යළි ගොඩනැගීමට හැකිවේවි."  

ReeCha