පිටරට හංගපු මුදල් ලංකාවට ගෙනත් ජනතාවට සහන සලසන්න - සාගර කාරියවසම් (VIDEO)
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ නව ජනාධිපති ඉතා ඉක්මණින් සීශේල්ස් සහ උගණ්ඩාවේ ඇති මුදල් ලංකාවට ගෙනවිත් ජනතාවට සහන සලස්වයි යැයි බලාපොරොත්තු වෙන බවයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (25) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට අදහස් දක්වමින් ය.
එමෙන්ම, මාලිවේ ඔබ සැමට කියන්න ඕන ඔබතුමන්ලා ජනතාවට පැවසු ආකාරයට රටේ සල්ලි හොරකම් කරලා , පිටරට යවලා මේ රට කඩාවැටුණා කියලා නම් දැන් ජනතාව බලාගෙන සිටිනවා එය ඔප්පු කරන්කන් බව ඔහු කියා සිටියේ ය
එහෙයින්, කරුණා කරලා සීශේල්ස් වල නැතිනම් උගණ්ඩාවේ ඒ කිව්ව සල්ලි වහාම ලංකාවට ගෙනල්ලා මේ තිබෙන ණය ගෙවලා ජනතාවට සහන සලස්වන්නැයි මහලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න,
.