හත්දෙනෙකු රෝහල් ගතකල බිහිසුණු අනතුර.. එකම පවුලේ පස්දෙනෙකුම ඒ අතර..
By Piyumika
ගාලු මුවදොර පිටිය ආසන්නයේ අද (31) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබේ.
කොල්ලුපිටිය දෙස සිට කොටුව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් හා කොටුව දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 05 දෙනෙකු සහ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.යතුරුපැදියේ රියදුරුගේ තත්ත්වය බරපතල වන බව වාර්තා වන අතර අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ එකම පවුලේ පස් දෙනෙකු සිට ඇත.
අනතුර සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.