ඡන්ද ජරමර අස්සේ රංජන්ගේ පැටිකිරියත් එලියට එයි.. රැස්වීමට පැමිණි අයට පොරොන්දු වූ මුදල දීල නෑ..ප්‍රශ්නය විසඳීමට පොලිසියත් එයි..(VIDEO)
ඊයේ (27) රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණි.
ඒ, සම්මේලනයට සහභාගී වූ තරුණ තරුණියන් දෙසියකට අධික පිරිසක් එම පක්ෂය තමන්ට පොරොන්දු වූ පරිදි මුදල් නොගෙවූ බවට චෝදනා කරමිනි.
ඉන්පසුව පොලීසිය මැදිහත් වී එම ස්ථානයේ රැඳි සිටි තරුණ තරුණියන් 200ක් පමණ පසුව ඔවුන්ගේ නවාතැන් වෙත පිටත් කර හැරිය බවයි වාර්තා වන්නේ.