හිස්බුල්ලා සංවිධානය පිළිනොගත් අනුප්‍රාප්තික නායකයාගේද මරණය ඊශ්‍රායලය තහවුරු කරයි..(VIDEO)

By Piyumika Oct 23, 2024 08:04 AM GMT
Report

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානී හසන් නස්රල්ලා ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූයේ මීට මසකට පමණ පෙරයි.

ඒ අතරතුර සංවිධානයේ අනුප්‍රාප්තික නායකයා වීමට නියමිතව සිටි හෂීම් ෂෆායිඩීන් තම ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ බවට ඊශ්‍රායලය නිල වශයෙන් තහවුරු කර තිබේ.

විශේෂ දින දෙකක් ගැන මැකොගෙන් නිවේදයක්..

විශේෂ දින දෙකක් ගැන මැකොගෙන් නිවේදයක්..

ෂෆායිඩීන් ඉලක්ක කරගෙන සති තුනකට පෙර එල්ල වූ ප්‍රහාරයෙන් ඔහු මියගිය බවට ඊශ්‍රායලය මීට පෙරත් පැවසුවත්, හිස්බුල්ලා සංවිධානය මෙතෙක් එය පිළිගෙන නැහැ.

මේ අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනනයේ ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම කඩා වැටෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.