නාඳුනන මළ සිරුරු දෙකක්. - බලන්න මේ වයස් වල දෙන්නෙක් ගැන ඔබත් දන්නවද කියලා.
ඊයේ (30) උදෑසන නාඳුනන මෘත ශරීර දෙකක් බගවන්තලාව සහ පෑලියගොඩ පොලිස් වසම්වලින් හමුවූ බව පොලීසිය පවසනවා.
එක් මෘත ශරීරයක් බගවන්තලාව බොගවානවත්ත ප්‍රදේශයේ කෙසෙල්ගමු ඔයේ තිබීය දී සොයාගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 35ත් 40ත් පමණ වන උස අඩි 05 අඟල් 02 ක් පමණ උසැති පිරිමි පුද්ගලයෙකුගේ බවයි පොලිසිය කියා සිටියේ.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, ඔහු අවසන් වරට කළු පැහැති දිග කලිසමක් සහ සුදු පැහැති අත් කොට කමීසයක් හැඳ සිටි බවත් වම් කනේ ඊ තලයක හැඩැති කරාබුවක් පැළඳ සිටීන බවයි.
මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර එය දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බගවන්තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර පෑලියගොඩ, මහනුවර මාර්ගයේ පදික වේදිකාවක තිබී හමු වූ මෘත ශරීරය ද පිරිමි පුද්ගලයෙකුගේ බව පොලීසිය සඳහන් කරනවා.
ඊයේ සවස පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් සිදුකර ඇති අතර මෙතෙක් මරණකරුගේ අනන්‍යතාව තහවුරු වී නොමැති බව සඳහන්.
හදිසි මරණ පරීක්ෂණය සිදුකර කොළඹ රෝහලේ මෘත ශරීරාගාරයේ එම මෘත ශරීරය තැන්පත් කර ඇති අතර මෙම මරණකරුගේ වයස අවුරුදු 55ත් 60ත් පමණ වන අතර, උස අඩි 05 අඟල් 05 ක් බව වාර්තා වන්නේ.
පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.