"එතුමාටත් නෑ.. මටත් නෑ.. අපි දෙන්නම එකට ඉන්නේ.. - ජනපති අනුරට ප්‍රසිද්ධියේම රනිල් වික්‍රමසිංහ දැම්ම කින්ඩිය.. (VIDEO)

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe President of Sri lanka Latest Headlines AKD
By krishani Oct 27, 2024 01:26 PM GMT
krishani

krishani

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

ඒ තමන් මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද බහුතරයක් නැති ජනාධිපතිවරයෙක් බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මීගමුව ප්‍රදේශයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැවැත් වූ ජන හමුවකට අද (27) පෙරවරුවේ එක්වෙමින් ය.

ඝාතනයකට කුරුමානම් අල්ලමින් සිටි අයෙක්ට වැඩ වැරදෙයි.. කොන්ත්‍රාත්තුව විතරක් බර ගාණක්..

ඝාතනයකට කුරුමානම් අල්ලමින් සිටි අයෙක්ට වැඩ වැරදෙයි.. කොන්ත්‍රාත්තුව විතරක් බර ගාණක්..

හවස් යාමේ මොකක්ද මේ වෙනවා කියන්නේ?. පරිස්සමෙන්.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් මෙන්න..

හවස් යාමේ මොකක්ද මේ වෙනවා කියන්නේ?. පරිස්සමෙන්.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් මෙන්න..


එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"දාලා තියෙන ලැයිස්තුව ඇහුවොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් තියා සති තුනක් යන්න පුළුවන්ද කියලා මන් දන්නේ නෑ. පලපුරුදු අය ඉන්න ඕනේ රට වෙනුවෙන්. අපි කියන්නේ පලපුරුදු අපේ අය දාන්න කියලා. බහුතරයක් දෙන්න පාර්ලිමේන්තුවට රට ගෙනියන්න. එතුමාට අවුරුදු තුනක් හරි යන්න පුළුවන් බහුතරයක් හිටියොත් විතරයි..

මට කියනවා පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්න කියලා. ඒ කියන්නේ මම පැරදුණා, මම පිළිගන්නවා ඒක. මම ජනාධිපතිවරණයට ආවා, ඡන්දේ ඉල්ලුවා. බහුතරය මට ඡන්දේ දුන්නේ නෑ. ඉතින් මම පැරදිලා.

ඒත් බහුතරයක් එතුමාටත් දුන්නේ නෑනේ. 51%ක් හම්බුනේ නෑ. මොකක්ද එතුමාගෙයි මගෙයි වෙනස. මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. එතුමාටත් නෑ. මටත් නෑ. එච්චරයි තියෙන්නේ. මොකක්ද විශේෂත්වය. අපි දෙන්නම එකට ඉන්නේ.."  

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.