බිත්තර සදහා අද අදිකරණය දුන් නියෝගය
By Sithumi
බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය පෙබරවාරි 06 වනදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (15) අතුරු නියෝගයක් නිකුත් කළා.
සුදු බිත්තරයක් සඳහා රුපියල් 42ක් සහ රතු බිත්තරක් සඳහා රුපියල් 44ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගත් තීරණයට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අද එකඟ නොවීම හේතුවෙන් මෙය සිදු කළා.
අධිකරණ තීරණයෙන් පසුව අද දිනයේම වෙළඳෙපොලේ බිත්තරයක මිල රුපියල් 57ක් දක්වා ඉහළ ගොස් තිබෙන අයුරු දක්නට ලැබුණු අතර බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ තීන්දු කර තිබුණා.