මහමැතිවරණයක්..? ගැන ඇහෙන කතාව..

By Sithumi Sep 25, 2022 03:24 AM GMT
Sithumi

Sithumi

Report

ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝදුරට ඇතැයි දේශපාලන අංශවල මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබේ. වත්මන් පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති අතර , ඇතිව තිබෙන අවිනිශ්චිත තත්වය හමුවේ මැතිවරණයකට යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.

එසේ වුවද, හදිසි මහ මැතිවරණයකට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත් එකඟ නොවනු ඇතැයි ද ගන්නට ඇත. පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින්නැයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේ අවස්ථාවේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ද පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින ලෙස ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැතිවරණයයේදී ලැබුණු හැටනව ලක්ෂයේ ජනවරම , නියෝජනය වන නොවන බැවින් වහාම මහ මැතිවරණයකට යන්නැයි දේශපාලන පක්ෂ මෙන්ම,සිවිල් සංවිධාන ද රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි. ඇතිව තිබෙන තත්ත්වය හමුවේ තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා මාස හයක් තුළ මහ මැතිවරණයකට යන්නැයි මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, අනෙකුත් ආගමික නායකයෝ ද මීට පෙර ඉල්ලා සිටියහ. මේ තත්වය හමුවේ, ඇතිව තිබෙන අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා ලබන වසරේ මහ මැතිවරණයකට යාමට බොහෝ දුර ඉඩ ඇතැයි පැවසේ