පාසල් ළමයින්ගේ විෂය නිර්දේශයට සමලිංගික වෙබ් අඩවියක් දැම්මට අධ්‍යාපන ලේකම් CID යයි
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් තුළ 6 වසර මොඩියුලේ සඳහන් නොවිය යුතු සමලිංගික යැයි පවසන වෙබ් අඩවියක් ඇතුළත් වී තිබීම සම්බන්ධයෙනි.
නාලක කළුවැව මහතා මාධ්‍ය වෙත පැවසුවේ, මෙම ඇතුළත් කිරීම කුමන්ත්‍රණාත්මකව බාහිර පාර්ශවයක් විසින් සිදුකර ඇති බවට සැකයක් පවතින බවය.
ඔහු වැඩිදුරටත් මෙවැනි අකටයුත්තක් සිදුකර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව සඳහන් කරයි.
කෙසේ වෙතත්, නාලක කළුවැව මහතා තවදුරටත් පැවසුවේ, මෙය අවසාන මුද්‍රණය නොවන අතර, මෙහි වගකීම අවසානයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුවන බවත්, කිසිසේත්ම මෙම ප්‍රකාශනය නීත්‍යානුකූලව සිදුකෙරෙන්නේ නැති බවත් ය.