නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්
By Kanchana
2026 වසරේ 6 වසර දරුවන්ගේ දෙමව්පියන් එකුමුතුව විසින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට හය ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා විරෝධතාවක ආරම්භ කර තිබේ.
මෙම දෙමාපියන්ට අමතරව කුඩා දරුවන් ද එක්ව සිටින බව වාර්තා වේ.
මෙම විරෝධතාවයේදී ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලරය හැර සෙසු විෂයන්ට අදාළ මොඩියුලර් දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළ යුතු බව විරෝධතාකරුවන් අවධාරණය කරයි.