පාසල් නිවාඩු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් - නිවාඩු දිනයන් සහ පාසල් යළි ඇරඹෙන දිනය මෙන්න
By Malith Madushan
2026 වර්ෂය සඳහා රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, සිංහල සහ දෙමළ පාසල්වල තෙවන වාරයේ පළමු අදියර හෙට (07) දිනයෙන් අවසන් වන අතර, මුස්ලිම් පාසල් සඳහා එය සැප්තැම්බර් 2 වන දිනෙන් අවසන් වනු ඇත.
සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් 7 වන සඳුදා ආරම්භ වන අතර, තෙවන පාසල් වාරය දෙසැම්බර් 4 වන දිනෙන් අවසන් වීමට නියමිතය.
මේ අතර, 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය අගෝස්තු 10 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.