මෙන්න පාසල් පෙළපොත් කණපිට හැරෙන්න යයි.. සියලු පාසල් සිසුන් දැනගත යුතු ජනපති අලුතින්ම කරපු වෙනස මෙන්න..

Xi Jinping China Hong Kong Education Latest Headlines
By Sewvandhi Sep 05, 2024 03:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හොංකොහි පාසල්වල නව විෂය නිර්දේශය අනුව ඇතැම් සිසුන් සඳහා නව විෂයක් ලෙස චීන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉගැන්වීම් සිදු කරන බව ද ගාර්ඩියන් ඇතුලු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, හොංකොංහි සිසුන්ට චීන ජනාධිපති ෂී ජින්පිංගේ චින්තන‍ය විෂයක් ලෙස උගන්වන බවයි.

හොංකොං නැමැති අර්ධ ස්වාධීන නගරය තුළ චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ බලපෑම සහ පාලනය වැඩි වන බැවින්, ජාතික ආරක්ෂාව සහ චීන ගැති දේශප්‍රේමය පිළිබඳ තවත් පාඩම් සමඟ වෙනස්කම් පැමිණෙනු ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එනම් මෙම වාර්තා සඳහන් කරන්නේ,  චීනයේ නායකයාගේ දෘෂ්ටිවාදය පිළිබඳ ඉගැන්වීම් හොංකොං හි ද්විතීයික සිසුන් සඳහා දැන් අනිවාර්ය නව විෂයයක් තුළ අන්තර්ගත කර ඇති බවයි.

2023 දී නව විෂයයේ නියමු වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස සමහර පාසල්වලින් ඉල්ලා ඇති නමුත් ද්විතියික පාසල් 512ම 2024 සැප්තැම්බර් 2 සඳුදා සිට නව විෂය මාලාව ක්‍රියාත්මක කළ යුතු බව හොංකොං අධ්‍යාපන බලධාරීන් මාර්ගෝපදේශවල සඳහන් කර ඇති බවයි, අදාළ වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරන ඇතැම් හොංකොං වැසියන් පවසන්නේ නව විෂය නිර්දේශය දරුවන්ගේ චින්තනය චීනයට ගැති කරවන බවයි.

දිවයිනේ ජනප්‍රියම පාසල් කිහිපයක විදුහල්පතිවරුන් අකරතැබ්බයක..

දිවයිනේ ජනප්‍රියම පාසල් කිහිපයක විදුහල්පතිවරුන් අකරතැබ්බයක..