දිවයිනේ ජනප්‍රියම පාසල් කිහිපයක විදුහල්පතිවරුන් අකරතැබ්බයක..

By Sewvandhi Sep 05, 2024 12:14 PM GMT
Report

ලංකා ගුරු සංගමය විසින් ,ජනප්‍රිය පාසල් හතරක් සඳහා අලුතින් පත්කරන ලද විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

අද (05) ඒ. එච්. එම්. ඩී. නවාස්, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවා තිබුණි.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්, පෙත්සම්කාර ලංකා ගුරු සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම අවසරය ලබාදී තිබේ.

අදාළ සංශෝධිත පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 23 වනදා කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

අදාළ විදුහල් සඳහා නව විදුහල්පතිවරුන් පත් කිරීම අවිධිමත් ආකාරයට සිදුකර ඇති බවත් අදාළ පත්වීම් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමේ වැඩිදුරටත් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපතිට ලිපියක් යවමින් ආණ්ඩුකාරවරයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි - සහයත් වෙනත් අයෙකුට..

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපතිට ලිපියක් යවමින් ආණ්ඩුකාරවරයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි - සහයත් වෙනත් අයෙකුට..