පාස්කුවේ චූදිතයන් නිදහස් හොරු අල්ලන්න ගෙනාපු ආණ්ඩුව මරු

Report

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට හා ත්‍රස්ත ක්‍රියාවන්ට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇප නියමවී සිටි 12 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ. ඒ අතර සැකකාරියන් 10 දෙනෙකු හා සැකකරුවන් 2 ක් ඇතුළත්.

ජපන් වාහන ගණන් උස්සයි

ජපන් වාහන ගණන් උස්සයි

ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාසය 2020 දෙසැම්බර් මස 11 දින අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කර පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප ලැබූ පිරිසක් එලෙස නිදහස් කෙරිණි. එලෙස නිදහස් කෙරුණේ, සින්ති සතුනා,රවුෆ් ෆාතිමා සාරා,ලෙබ්බෙ රිශානා,සාලිගු ජුනායි තීස්‍යා,කාසීම් මතනියා,ෆාතිමා ෂහිදා,ඉබ්‍රහීම් සර්දා, මොහොමදු ඉර්ෆාන් සහ මොහොමදු ෂෆාන් යන අයයි.

සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර සිටියේ අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර නීතිපතිවරයාට උදෘත යොමු කළ බවයි.

ඒ අනුව පසුගිය අප්‍රේල් 9 වැනි දින නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පැමිණිල්ලේ කටයුතු අවසන් කරන බව අධිකරණයට කරුණු වාර්තා කළේ ය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත් දුරකථන ඇතුළු නඩු භාණ්ඩ යළි ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මොකද්ද මේ ආයේ වෙන්නේ කොවිඩ් යළිත්?

මොකද්ද මේ ආයේ වෙන්නේ කොවිඩ් යළිත්?