නැ‘හිර පළාත් නිලධාරිනියකගේ දියණිය නිල රථය අවභාවිතා කර සිදු කර තිබූ දෙ...

By Sithumi May 15, 2022 05:17 PM GMT
Sithumi

Sithumi

Report

නැගෙනහිර පලාත් මුදල්, ක්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම්වරියට අයත් නිල රථය ඇගේ දියණිය පදවාගෙන යද්දි අනතුරකට ලක්විමෙන් පසු සිදුවු අලාභය කිසිදු විමර්ශණයකින් තොරව අදාල රක්ෂණ සමාගමෙන් පියවා ගැනිමට සුදානම් වන බව ඒම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මඩකලපුවේ පෞද්ගලික ගමනක් යෑම සදහා ඇගේ දියණිය මෙම රථය පදවාගෙන යද්දි පිටුපසින් පැමිණි වාහනයක් නිල රථයේ වැදිමෙන් මෙම අලාභය සිදුවිතිබේ. රථය පැදවු දියණියට වලංගු රියදුරු බලපත්‍රයක් ඇතත් රථය පැදවිම සදහා පලාත් සභාවේන් කිසිදු අනුමැතියක් ගෙන නැතැයි වාර්තාවේ.

නිල රියදුරා නොමැතිව නිලරිය පැදවිමෙන් රජයේ වාහනයක් අවභාවිතා කර ඇතැයි ද රියදුරා නොමැතිව නිල රියක් පැදවිම සම්බන්ධයෙන් කිසිදු විමර්ශණයක් මෙතෙක් සිදුවි නැතැයි වාර්තා වේ. 

 අණතුර සම්බන්ධයෙන් තක්සේරුකර ඇති අලාභය ලක්ෂ 17කට අධික මුදල පියවා ගැනිමට රක්ෂණ සමාගමට ලේඛන ඉදිරිපත්කිරිමේදි ලේකම්වරියගේ දියණිය රියදුරු ලෙස දක්වා තිබිමෙන් එම සමාගම පලාත් සභාවේ කාන්තා රියදුරන් බදවාගැනිමක් සිදුකර ඇත්දැයි සිදුකල විමසිමේදි මෙම කරුණු අනාවරණය විය. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි අමාත්‍යාංශ ලේකම් කලාමදි පත්මරාජා මහත්මිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ රථය පැදවුයේ රාජකාරි රියදුරා බවත් ඇගේ දියණිය රථය පදවා නැති බවයි.

මෙම අනතුර ඉකුත් අප්‍රේල් 16දා සිදුවි ඇති අතර අනතුර වසන් කර රථය සඟවා දින ගණනාවකට පසු එය අලුත්වැඩියාවට යොමුකළ අතරතුරේ අලාභය රක්ෂණ සමාගමෙන් පියවාගැනිමට යෑමේදි මෙම කරුණු හෙලිවි ඇත. මේ සම්බන්ධයෙන් පලාත් ප්‍රධාන ලේකම් තුසිත පි.වනිගසිංහ මහතා ගෙන් කළ විමසීමකදී තමන්ටද මෙය ආරංචි වු බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලන කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/GXFy3niZYCzJz3QQcLXAOE 
Join now