නිවස එළිකල මගේ මිණිකැට දෙක යනුවෙන් පාස්කුවෙන් සහ දරුවන් සහ සැමියා අහිමි වූ මව සංවේදි කතාව. (PHOTOS)
අද බොහෝ දෙනෙක්ගේ නෙතට කඳුළක් එක් කරමින් වැඩි වශයෙන් කතාබහට ලක් කරන මාතෘකාවක් බවට පත් වුණේ එදා පාස්කු සිදුවීම නිසා අප අතරින් සමු ගත්ත ඒ ජීවිත ගැනයි. ඇත්තටම ඒ අවාසනාවන්ත සිදුවීම සිද්ධ වෙලා අද වන විට වසර තුනක් සම්පූර්ණ වෙනවා. එනිසාම බොහෝ දෙනෙක් අද ඒ පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් අරන්.
රජයට විරුද්ධව සිද්ධ කරන අරගල භූමියේ පවා මේ දෙන වල ප්‍රධාන මාතෘකාව බවට පත්වුණේ මෙ අවාසනාවන්ත සිදු වීමයි. එදා ඒ වෙනුවෙන් දුක් වූ දෙමව්පියන් දරුවන් අදටත් ඒ දුක හදවතේ තියාගෙන කඳුළු සලන්නේ අප අතරින් සමු ගත්ත ඒ ජීවිත වලට සාධාරණයක් ඉෂ්ට කරන්න කියන චේතනාව ඇතිවයි. මේ සිදුවීම නිසා අපි ආදරය කරන බොහෝ ප්‍රසිද්ධ චරිත පවා අපිට අහිමි වුණා.
ඒ වගේම තමයි ආදරණීය දරුවන්ට ආදරණීය දෙමව්පියන් අහිමි වුණා ඒ වගේම දෙමාපියන්ට තමන්ගේ සැමියා ඒ වගේම තමන්ගේ දරුවන් ළඟම ඥාති හිතමිත්‍රාදීන් ආදී සියලුම දෙනාගේ වියෝව නෙතින් බලාගෙන නිහඬව ඉන්නට සිද්ධ වීම කොයිතරම් අවාසනාවට කරුණක් ද. ඒ වගේම තමයි අද වන විටත් මේ සිදුවීම නිසා ශාරීරික වශයෙන් තුවාලයට පත් වුණු බොහෝ දෙනෙක් පූර්ණ සුවය ලබාගෙන නැහැ. ඒ තුවාල අදටත් වේදනා දෙනවා. ඒ වගේම ඔවුන් එදා වගේම ගතින් සිතින් දෙකින්ම දුබලයි. එවැනි පීඩිතයන් රැසක් මේ සිදුවීම නිසා දුක් වෙමින් සිටින කාලයක ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කිරීම ඒ සඳහා පියවර ගැනීම සියලුම බලධාරීන්ගේ වගකීමයි.
ඉතින් මේ දිනවල මේ සිදුවීම නිසා ජීවිතය අහිමි වූ බොහෝ දෙනෙක්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වුණා. එහිදී එක් සුවිශේෂී සිදුවීමක් තමයි ආදරණීය අම්මාට තමන්ගෙ ආදරණීය ගැහැණු ළමුන් දෙදෙනා සහ සැමියා අහිමි වීමේ කතා පුවත.
ඉතින් බොහෝ දෙනෙක්ගේ හදවත් කම්පා කරපු පුවතක් බවට මේ කතාව පත්වුණා මේ ගැහැනු ළමුන් දෙදෙනා අද වන විට ජීවතුන් අතර නැහැ. ඒ වගේම ඇයගේ ස්වාමියා අද වෙද්දි ඇය ළඟ නැහැ ඇය නමින් නිරංජලි යසවර්ධනයි. එදා දේව මෙහෙය වෙනුවෙන් හරිම ලස්සනට ලස්සන ගවුම් දෙකක් ඇදලා කුමාරිකාවෝ දෙන්නෙක් වගේ හැඩවැඩ වුණු ආදරණීය දියණියන් ඇගේ සැමියා නිවසෙන් පිටත් වෙනවා
. නමුත් සිද්ධ වුණේ මේ අවාසනාවන්ත සිදුවීම නිසා ඒ ආදරණීය දරුවන් දෙදෙනා සහ ස්වාමි පුරුෂයාට ජීවන ගමනට අකාලයේ සමු දීමට සිද්ධ වීමයි. කෙසේ නමුත් තාමත් දරුවන් දෙදෙනා සහ සැමියා නැති දුකින් හදවතෙන් විලාප නගමින් ජීවත්වන නිරංජලි මහත්මිය මේ සිදුවීම වෙනුවෙන් හරියාකාර සාධාරණයක් එල්ලා ඇගේ මුහුණු පොතේ හරිම සංවේදී කවිපෙලක් සටහන් කරලා තිබුණා බොහෝ දෙනෙක්ගෙන් නෙත ගැටුනා
. ඇය මිණි කැට දෙකක් වගේ ආරක්ෂා කරපු ආදරණීය චූටි දුවලා දෙන්නත් සහ ස්වාමි පුරුෂයා ගැන සංවේදී වෙමින් මේ සිදුවීමට සහභාගි වූ සියලුම දෙනාට නීතිමය දඬුවම් පමුණුවන ලෙස ඉතාමත් බැගෑපත් ව ඒ සටහන තුළින් ඉල්ලා සිටියා. ඉතින් ඒ කවි සංකල්පනාව පහතින් උපුටා දක්වා ඇත.
මේ ආකාරයෙන් මීට වසර තුනකට පමණ අකාලයේ අප අතරින් සමුගත්ත මෙ ආදරණීය දියණියන් දෙදෙනා සහ ආදරණීය ස්වාමි පුරුෂයා ඇතුළු සියලුම දෙනාට ඔවුන් බලාපොරොත්තුවන ලෝකයක සතුටින් සැනසීමෙන් ජීවත්වෙන්නට වාසනාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |

