අද අළුයම රික්ටර් මාපකයේ ඉහළ අගයක ප්‍රබල භූමිකම්පාවක්..
By Aruna
ආසන්න දින කිහිපයක සිට විටින් විට භූකම්පන ඇති වන තායිවානයේ මෙරට වේලාවෙන් අද (27) අළුයම තවත් භූමිකම්පාවක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.
තායිපේ අගනුවර ආසන්නයේ කිලෝමීටර් 24.9ක් (සැතපුම් 15.5 ක්) ගැඹුරින් මෙය ඇති වී තිබෙන බවයි පැවසෙනනේ.
මෙය රික්ටර් පරිමාණ 6.1ක අගයක් ගෙන ඇති අතර, ඒ හේතුවෙන් නගරයේ ගොඩනැගිලි රැසකටම හානි සිදු වී ඇති බව සඳහන්.
මෙය තායිවානයේ පළමුවෙන්ම භූකම්පන හටගත් නැගෙනහිර Hualien ප්‍රාන්තය ආසන්යනයේම සිදුව තිබේ.
කෙසේ වෙතත් මින් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා වාර්තාවක් එරටින් මාධ්‍ය වෙත කර නොමැත.
පුද්ගලයන් 17 දෙනෙකුට මරු කැඳවමින් මෙම මස මුලදී Hualien ප්‍රාන්තයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.2ක භූමිකම්පාවෙන් පසු මේ දක්වා භූකම්පන 1,000කට අධික සංඛ්‍යාවක් තායිවානයේදී සිඳුව තිබෙන බව ද පැවසේ.