ශ්‍රී ලංකාවේ භූ කම්පයනයක් සිදුවිය හැකි කලාප ගැන දැනුම් දීමක්.. මේ ප්‍රදේශ වල අය විමසිල්ලෙන්..

Sri Lanka Sabaragamuwa Province Earthquake TN Weather Weather
By Aruna Jul 02, 2023 12:06 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ භූ කම්පයනයක් සිදුවිය හැකි කලාප කිහිපයක් හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,

"මෙවැනි වූ කම්පන තවදුරටත් ඉදිරියේදී සිදුවෙන්න පුළුවන්. ඒ සිදුවන කම්පනවලින් අපිට හානියක් සිදුවෙන්නේ නැහැ. ලංකාවේ මේ වගේ කම්පන සිදුවෙන්න පුළුවන් කලාප කිහිපයක් අපි හඳුනාගෙන තියෙනවා.

ත්‍රිකුණාමලයේ සිට උස්සන්ගොඩ දක්වා අක්‍රීය භූතල මායිම. ඒ වගේම මධ්‍යම කඳුකරයේ තිබෙන ජලාශ ආශ්‍රිතව. අපිට සූනාමි වගේ අනතුරක් වෙනවානම් වෙන්න පුළුවන් වෙන්නේ සුමාත්‍රා කෙළවරේ භූ කම්පනයක් සිද්ධ වුණොත් එමෙහ අනිවාර්යෙන්ම අපිට සූනාමි තරංග අත්දකින්න පුළුවන් වෙනවා.

නමුත් එවැනි තත්ත්වයක් මෑතකදී ඇති වෙන්නට ඉඩක් නැහැ. මොකද හේතුව මෑතකදි එවැනි කම්පන රැසක් ඒ ප්‍රදේශයේ දී සිදුවුණ නිසා."

මේ අතර, ශ්‍රී ලංකාවට කිලෝමිටර 1,260ක් පමණ දුරින් වූ මුහුදු සීමාවේ ඊයේ (01) දහවල් රිච්ටර් පරිමාණ ඒකක 5.8ක භූ කම්පයනයක් සිදුව තිබුණා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවේ, මෙහි කම්පනය ගාල්ල, කොළඹ, අකුරුස්ස සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවලට පවා දැනී ඇති බවය.

ශ්‍රී ලංකාවට ගිණිකොණ දිගින් වූ මුහුදේ අද පස්වරු 12.59ට එම භූ කම්පයනයක් සිදුව තිබුණි.

නිරන්තරයෙන් භූ කම්පන සිදුවන කලාපයක මෙය සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළා, මෙහි කම්පනය කොළඹ වැල්ලවත්ත වෙරළ තීරයටත්, බත්තරමුල්ල, ගාල්ල, අකුරැස්ස, ඇඹිලිපිටිය යන ප්‍රදේශවලට දැනී තිබුණු බවයි වාර්තා වන්නේ.