තවත් ප්‍රබල භූකම්පනයක් ගැන දැනුම්දීමක්..සුනාමි අවධානමක් ගැනත් විමසිල්ලෙන්..
By Aruna
ඉන්දියානු සාගරයේ ගැඹුරු මුහුදු කලාපය තුළ ඉදිරියේ දී තවත් භූගත කම්පන සිදු විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.
ඉන්දියන් සාගරය තුළ ඊයේ (29) අලුයම භූ කම්පන 02ක් සිදු වූ අතර, ඉන් එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක් ලෙස ද දෙවැනි කම්පනය ඒකක 5.8ක් ලෙස ද වාර්තා වී තිබුණා.
කෙසේ වෙතත් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ, මෙම කම්පන හරහා මෙරටට බලපෑමක් සිදු නොවන අතර, ඒ පිළිබඳ අනිසි බියක් ඇතිකර ගත යුතු නොවන බවයි.
නමුත් නොගැඹුරු සාගරයේ භූකම්පනයක් සිදු වුවහොත් එය සුනාමි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත්, එවන් මොහොතක ලංකාවටද බලපෑමක් ඇති වන බවයි භූ විද්‍යාඥයින් පවසන්නේ.