බුත්තල භූ කම්පනය ගැන අණාවරනයක් - ඉදිරියේ දී තවත් භූ කම්පන තත්ත්වයන් ගැන ප්‍රකාශයක්.

Sri Lanka Earthquake
By krishani Feb 11, 2023 05:02 AM GMT
krishani

krishani

Report

ඊයේ (10) දින වැල්ලවාය - බුත්තල - පැලවත්ත යන ප්‍රදේශයන්හි දහවල් කාලයේ දී රික්ටර් මාපකයේ ඒකක 3කට ආසන්න සුළු භූ කම්පන තත්ත්වයන් වාර්තා විය.

අදත් (11) අලුයම 3.48 ට පමණ රික්ටර් පරිමාණයේ ඒකක 2.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇති විය.

කෙසේවෙතත් බුත්තල ප්‍රදේශයට වූ භූ කම්පන තත්ත්වයට හේතුව ඉන්දු - ඔස්ට්‍රෙලියානු භූ තලයේ බිඳී යාමක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ඉන්දු ඔස්ට්‍රෙලියානු තලයේ හරි මැදින් සිදු වන මෙම බිඳී යාම දැනට වසර 15 - 20 පමණ කාලයක සිට වේගවත්ව සිදු වෙමින් පවතින අතර ඒ හේතුවෙන් එම බිඳී යාමට ආසන්නයේ පවතින රට ලෙස ශ්‍රී ලංකාව මෙවැනි සුළු භූ කම්පන තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාවක් පවතින බව ඔහු පවසයි.

මෙම සුළු භූ කම්පන තත්ත්වයට ජනතාව බිය නොවිය යුතු බවත් ශ්‍රී ලංකාවට සැතපුම් 1000ක පමණ දුරින් සිදු වූ මෙම තල බිඳී යාම හේතුවෙන් රිච්ටර් මාපකයේ මීට වැඩි භූ කම්පන තත්ත්වයන් ඉදිරියේ දී ඇති විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join