ප්‍රබල භූමිකම්පාවක්..ආරක්ෂිත ස්ථානයන්ට යන්නැයි දැනුම්දෙයි..සුළං තත්ත්වය ගැනත් අනතුරු ඇඟවීමක්..

Earthquake TN Weather Weather
By Aruna Aug 03, 2024 04:24 AM GMT
Aruna

Aruna

Report

රිච්ටර් මාපකයේ 6.8 ක භූමිකම්පාවක් පිලිපීනයේ මින්ඩනාඕ දූපතේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ, කිලෝමීටර 10 ක ගැඹුරු සාගරයේ භූ කම්පනය සිදුව ඇති බවයි.

රට පුරා තරුණ තරුණියන්ට ජනපතිගෙන් සුබ ආරංචියක්..

රට පුරා තරුණ තරුණියන්ට ජනපතිගෙන් සුබ ආරංචියක්..


කෙසේ වෙතත් භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැති බව, සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තාවී නොමැති අතර, පසු කම්පන ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

පිලිපීනය, ගිනිකඳු ක්‍රියාකාරකම් සහ භූමිකම්පා බහුලව සිදුවන පැසිෆික් ”‍ගිනි වළල්ලේ”‍ පිහිටා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ලොරි රථයේ දොරේ මීටර් 500 ක් එල්ලී ගිය පියා හප්පා මැරූ පුද්ගලයා අල්ලා ගනී..සංවේදී දර්ශන සහිතයි(VIDEO)

ලොරි රථයේ දොරේ මීටර් 500 ක් එල්ලී ගිය පියා හප්පා මැරූ පුද්ගලයා අල්ලා ගනී..සංවේදී දර්ශන සහිතයි(VIDEO)


එමෙන්ම බස්නාහිර, වයඹ සහ ගාල්ල, මාතර, මෙන්ම මාතලේ දිස්ත්‍රික්කවලද අද, වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

මේ අතර කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා හම්බන්තොට සිට වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.