ලොරි රථයේ දොරේ මීටර් 500 ක් එල්ලී ගිය පියා හප්පා මැරූ පුද්ගලයා අල්ලා ගනී..සංවේදී දර්ශන සහිතයි(VIDEO)

Report

බලංගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙක් හිතා මතා අනතුරට ලක්කර පළාගිය ලොරි රථ රියදුරා පොලිසිය විසින් සැඟව සිටිය දී ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

පසුගිය පළමු වනදා බලංගොඩ නගරයේ දී යතුරුපැදියක් අනතුරට ලක්කර හත් හැවිරිදි දැරියකට තුවාල සිදුකර පළා යමින් සිටිය දී දැරියගේ 32 හැවිරිදි පියා ද විදුලි කණුවක හප්පා මෙම ලොරි රථ රියදුරු පළාගොස් තිබූ බවයි පැවසෙන්නේ.

එහිදී අනතුරට ලක් වූ 32 හැවිරිදි පියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.

මුළු රටම බලා සිටි තරුෂිට ඊයෙ රෑ සිදු වූ දේ මෙන්න.(VIDEO)

මුළු රටම බලා සිටි තරුෂිට ඊයෙ රෑ සිදු වූ දේ මෙන්න.(VIDEO)


ලොරි රථ රියදුරා විසින් දැරියව අනතුරට ලක්කර පළා යමින් සිටිය දී දැරියගේ පියා යතුරුපැදියකින් ලුහුබැඳ ගොස් ලොරි රථයේ රියදුරු අසුන අසළ ඇති දොරට නැඟ එහි රියදුරුව බස්සවා ගැනීමට උත්සාහ කර තිබෙන බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේ දී ලොරි රථයේ රියදුරු විසින් පියාව අසල තිබූ විදුලි කණුවක ගැටීමට සලස්වා පළාගොස් ඇත.

අනතුරුව අසල තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කළ පොලිසිය විසින් අදාළ ලොරි රථය සහ එහි රියදුරු හඳුනාගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සජිත්ට 56%ක ඡන්ද ප්‍රතිශතයක්..තවත් සමීක්ෂණයකින් හෙළි වූ දේ මෙන්න.

සජිත්ට 56%ක ඡන්ද ප්‍රතිශතයක්..තවත් සමීක්ෂණයකින් හෙළි වූ දේ මෙන්න.


අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (03) බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම සිදුවීමට අදාල වීඩියෝව පහතින් නරඹන්න?