ප්‍රභල භූ කම්පනයක්..සුනාමි තත්ත්වයක්?..

Weather Earthquake Indian
By Aruna Nov 26, 2021 04:06 AM GMT
Report

ඉන්දියාව සහ මියන්මාරය අතර දේශසීමා ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

එම කම්පනයේ බලපෑම ත්‍රීපුර, මනිපූර්, මීසොරාම් සහ ඇසෑම් ප්‍රාන්තවලට සිදු ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

කොල්කටාව සහ බංග්ලාදේශයේ - චිතගොන් නුවර ඇතුළු දුරස්ථ ප්‍රදේශවලට ද භූ කම්පනය දැනී ඇති බව සඳහන්.

කෙසේ නමුත් ඉන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නැහැ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අවධානමක් හෝ අනතුරු ඇඟවීමක් පිළිබඳව තවමත් දැනුම් දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now