එළඹෙන වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමේ මූලික සැලසුම් අරඹයි

Report

සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණව බෙදී යාම තහවුරු කිරීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, 2026 වර්ෂය තුළ මෙම වැඩසටහන ලබා ඇති ප්‍රගතිය මෙන්ම ඊට අදාළ ධාරිතා සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

මෙහිදී 2027 වර්ෂය සඳහා සැලසුම් කර ඇති නව සංවර්ධන වැඩසටහන් සහ ඊට අදාළ අයවැය යෝජනා සකස් කිරීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය.

මෙම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගැනීම සඳහා “ප්‍රජාශක්ති” මෙහෙයුම් කමිටුවේ තීරණාත්මක සාකච්ඡාවක් ලබන මස 6 වනදා පැවැත්වීමට ද මෙහිදී තීරණය කෙරිණි.

සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් - සවස 3න් පසු ආයේ මේවා දාන්න තහනම්

සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් - සවස 3න් පසු ආයේ මේවා දාන්න තහනම්

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර සහ අතිරේක ලේකම් එච්. එම්. එම්. යූ. බී. හේරත් යන මහත්වරු ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.