මහින්දානන්දගේ සහ නලින්ගේ කැරම්බෝඩ් නඩුවේ මුලික විරෝධතා ඉවතට

Report

2015 ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් රුපියල් මිලියන 39ක් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදා හැරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද (30) තීන්දු කළේය.

එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩු සිදු කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තර්ක කළේ තම සේවාදායකයින් මීට සමාන චෝදනා යටතේ අල්ලස් කොමිසම පැවරූ නඩුවකට දැනටමත් වරදකරුවන් වී සිරදඬුවම් විඳින බැවින් මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවයි.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

කෙසේ වෙතත් එම මූලික විරෝධතා පදනම් විරහිත බව තීන්දු කළ අධිකරණය නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නියෝග කළේය. මේ අතර නඩුවේ තෙවන විත්තිකරු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා නිදහස් කිරීමට ද අධිකරණය පියවර ගත්තේය.

ඒ, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වන වගන්තිය යටතේ නීතිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් - සවස 3න් පසු ආයේ මේවා දාන්න තහනම්

සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් - සවස 3න් පසු ආයේ මේවා දාන්න තහනම්