හෙට මේ පළාත්වල තත්ත්වය බරපතළයි - උණුසුම ගැන රටටම විශේෂ නිවේදනයක්

Report

බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුර-මැද පළාත්වල සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශයන්හි හෙට (31) දින මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (30) දින ප.ව. 3.30ට නිකුත් කළ නිවේදනයේ මේ බව දක්වා ඇත.

එසේ වුවත් අඳාළ නිවේදනයේ සඳහන් වන්නේ මෙය උපරිම වායුගෝලීය තත්ත්වයක් නොවන බවයි.

අප්‍රේල් 2 සිට 15 දක්වා ශ්‍රී ලාංකිකයන් ප්‍රවේශමෙන් - ජනතාවට අනතුරු අඟවයි

අප්‍රේල් 2 සිට 15 දක්වා ශ්‍රී ලාංකිකයන් ප්‍රවේශමෙන් - ජනතාවට අනතුරු අඟවයි

එසේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් වන්නේ, වැඩබිම් තුළ ක්‍රියාකරන විට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගන්නා ලෙසයි.

එසේම සෙවණ ඇති ස්ථානයන්හි විවේක ගන්නා ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසත් විශේෂයෙන් කුඩා ළමුන් වාහන තුළ තනියම රැඳවීමෙන් වළකින ලෙසත් අඳාළ නිවේදනයේ සඳහන්.

මේ අතර එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දක්වා ඇත්තේ අධික වෙහෙසකර කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසත් ය.  

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

අවුරුදු කටේ මුළු රටම බයෙන් හිටපු නරක ආරංචිය - අප්‍රේල් 1 දා ඉඳන් විදුලි ගාස්තුව ඉහළට

අවුරුදු කටේ මුළු රටම බයෙන් හිටපු නරක ආරංචිය - අප්‍රේල් 1 දා ඉඳන් විදුලි ගාස්තුව ඉහළට

Gallery