සියලු ඇමතිලා පොදු එකඟත්වයකට - ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩිය ස්වේච්ඡාවෙන්ම අඩු කරගයි

Report

සියලූම ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වේච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කර ඇත.

ඒ අනුව ඔහු කියා සිටියේ බලශක්ති අර්බුදය හේතුවෙන් රටට ජනතාවට පූර්වාදර්ශයක් සැපයීම සදහා සියලු ඇමතිවරුන් පොදු එකඟත්වයකට පැමිණ මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම අමාත්‍යවරුන්ගේ මෙම තීරණයට සමගාමීව අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන්ද සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකරගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

එසේම චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වළකින ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇති බවයි.

මේ අතර අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ බලශක්තිය ඉතිරි කර ගැනීමේ පියවරක් වශයෙන් විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කරන වේලාවන් (PEAK HOURS) (සවස 6.00 සිට රාත්‍රි 10.00 දක්වා) මගහැර විදුලිය පාවිච්චි කිරීමට කටයුතු කරන ලෙසයි.

අවුරුදු කටේ මුළු රටම බයෙන් හිටපු නරක ආරංචිය - අප්‍රේල් 1 දා ඉඳන් විදුලි ගාස්තුව ඉහළට

අවුරුදු කටේ මුළු රටම බයෙන් හිටපු නරක ආරංචිය - අප්‍රේල් 1 දා ඉඳන් විදුලි ගාස්තුව ඉහළට

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න