නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ කතා මවන යුරේනිගෙන් අමුතු කතාවක් එළියට

Report

යුරේනි නොශිකා කිව්වොත් නොදන්න කෙනෙක් නැති තරම් .අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් .සමහර වෙලාවට ඒ දගකාර කටකාර චරිතය ඇතුළේ අපි නොහිතන විදිහේ රංගනයක් දැකගන්න පුළුවන්.

ඉතිං ඇය ග්‍රාමීය යුවතියක් වගේ චරිතයක් කරයි කියලා ගොඩක් දෙනෙක් හිතන්නේ නැහැ.

ඉතිං ඒ වගේ චරිත තුළින් ප්‍රේක්ෂකය්න් වසග කරගත් ඇය Raigam Tele'es 2025 ට නිර්දේශ වෙලා තිබුණා . ඒත් සම්මාන හිමි කරගන්න නම් බැරි වුනා නමුත් ඇය සම්මාන ගත්තු අයට සුබ පතලා සටහනක් මුහුණුපතට එක්කරලා තිබුණා. ඔයාලත් බලන්නකෝ එයාගේ අපූරු නිර්ලෝභී සටහන


''     ඊයේ රාත්‍රියේ පැවැත්වූ Raigam Tele'es සම්මාන උළෙලේදී, 'හොඳම නිළිය' සඳහා මාව නිර්දේශ වීම ගැන මා ඉතා නිහතමානීව සතුටු වෙනවා. මගේ හදවතට ඉතා සමීප, මා මෙතෙක් රඟපෑ ප්‍රියතම චරිතයක් වෙනුවෙන් ලැබුණු මේ නාමයෝජනාව ගැන රයිගම් ටෙලීස් සංවිධායක මණ්ඩලය සහ විනිශ්චය මණ්ඩලයට මගේ හෘදයාංගම ස්තුතිය! 💐 එමෙන්ම මෙවර හොඳම නිළිය සම්මානය දිනාගත් Apsara Gunathilake නංගි මගේ උණුසුම් සුබපැතුම්! අනාගතය ඔබට අයිතියි, විශ්වාසයෙන් යුතුව ඉදිරියටම යන්න. මෙය ඉතා දීප්තිමත් ගමනක ඇරඹුමක් පමණයි. 🌟එ වගේම අනෙක් සියලු සම්මානලාභි සෑම කෙනෙක්ටම උණුසුම් සුභ පැතුම් 👏

"Recondition Kella" ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂතුමා අනුර එකනායක ඔබටත් බෙහෙවින් ස්තුති දිනුව ජීවමාන කරන්න මාව විශ්වාස කලාට .එ වෙනුවෙන් දුන්න ගුරුහරුකම් වලට හැමදාමත් ස්තුති 🙏🏻❤️ එ වගේම චාන්දනී අක්කි, ජනක කුම්ඹුකගේ අයියා , කළන ඔයාලා මට දුන්න සපොට් එකට ගොඩාක් ස්තුති 🙏🏻❤️ එ වගේම රීකන්ඩිෂන් කෙල්ල පටන්ගත්දා ඉදලා අපිත් එක්ක වැඩ කරපු වැඩේ සිටි , නොසිටි හැමදෙනෙක්ටම ගොඩාක් ස්තුති . ඔයාලා දිනු ජීවත්කරවන්න කට්ට කාලා ගත් හැම උත්සහයකටම ස්තුති 🙏🏻

විශේෂයෙන්ම මාව නිරන්තරයෙන් දිරිමත් කරන, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින මගේ ආදරණීය රසික පිරිසට ස්තුතිවන්ත වෙනවා. ඔබේ ආදරය සහ සහයෝගය මට කවදත් ලොකු හයියක්❤️👊

ඊයේ රාත්‍රියේ මේ නිර්දේශය මා දිනුලා දසදහසක්ගේ නියෝජනයක් ලෙස දකිනවා. ඉතිං මේ මහා පොළොවේ ජිවත්වන දිනුලට කියන්නේ හිත් රිදවීම් ,ප්‍රතික්ෂේප වීම් ,අහිමි වීම් ජීවිතේ එයි. හැබැයි ජීවිතය දිනන ගේම් එක අතරින්න එපා. අපි ඔක්කොම ඔහොම යං 💪❤️ අවසාන වශයෙන් දෙවියන් වහන්සේටත්, විශ්වයටත් මා ස්තුතිවන්ත වෙනවා!    ''


හානුක රාජපක්ෂ එයාගේ අත්දෙකෙන්මයි ඒ මාලේ මට දැම්මේ - මාල කේස් එකට ඇප ලැබුණු හර්ෂි සිදුවූ සියල්ල පාපොච්චාරණය කරයි

හානුක රාජපක්ෂ එයාගේ අත්දෙකෙන්මයි ඒ මාලේ මට දැම්මේ - මාල කේස් එකට ඇප ලැබුණු හර්ෂි සිදුවූ සියල්ල පාපොච්චාරණය කරයි


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery