තුර්කියෙන් ඉරානයට දැඩි විරෝධයක් - තුර්කියට ඇතුළු වූ සිව්වන මිසයිලයත් නේටෝ ආරක්ෂක පද්ධති බිම හෙළයි
By Kaushi
තුර්කි ගුවන් සීමාවට ඇතුළු වූ බැලැස්ටික් මිසයිලයක් නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ස්ථාපනය කර ඇති නේටෝ (NATO) ගුවන් ආරක්ෂක පද්ධති මඟින් සාර්ථකව විනාශ කර ඇති බව තුර්කිය නිල ලෙස ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර තිබෙන යුදමය වාතාවරණය හමුවේ, තුර්කි ගුවන් සීමාව තුළදී මිසයිලයක් මෙසේ විනාශ කළ සිව්වන අවස්ථාව මෙය බව වාර්තා වේ.
එමෙන්ම මීට පෙරද අවස්ථා තුනකදී තුර්කි ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල නේටෝ පද්ධති මඟින් විනාශ කර ඇත.
එනිසා අන්කාරා පාලනය විසින් ඉරානයට දැඩි විරෝධය පළ කරමින් අවවාද කර ඇත.
කෙසේ වුවද ටෙහෙරානය සඳහන් කරන්නේ මීට පෙර සිදුවූ මිසයිල දියත් කිරීම් සඳහා තමන් අනුමැතිය ලබා දී නොමැති බවත්, එම සිදුවීම්වලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවත් ය.