මම අද රෑත් ජීවතුන් අතර ඉන්නවා, සම්පූර්ණයෙන්ම එක මිනිසෙකුට ස්තූතිවන්ත වෙන්න.. දිනුම පසෙක තබා ගිනිගත් රථයේ සිරවූ ක්‍රීඩකයා බේරාගත් ඔහුට ලෝකෙන්ම පැසසුම්

Report

චීනයේ ෂැංහයි නුවර පැවති චීන GT මෝටර් රථ ශූරතාවලියේදී සිදුවූ බිහිසුණු අනතුරක් අතරතුර, තරගයේ ජය පසෙක තබා අනතුරට පත් ක්‍රීඩකයෙකු බේරාගැනීමට කටයුතු කළ නෙදර්ලන්ත ජාතික ලොක් හාර්ටොග්ගේ ක්‍රියාව මේ වනවිට ලෝකයේම දැඩි අවධානයට ලක්ව ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කළේ, තරගය අතරතුර මෝටර් රථයක් අනතුරට ලක්ව ගිනි ගැනීමත් සමඟ එහි බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩක ඔලී මිල්රෝයි සිරව සිට ඇති බවයි.

එම අවස්ථාවේදී අනෙකුත් ධාවකයින් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියට ධාවනය කළත් ලොක් හාර්ටොග් සිය ධාවනය නවතා අනතුරට පත් මෝටර් රථය වෙත ගොස් එහි සිරව සිටි මිල්රෝයි බේරාගැනීමට කටයුතු කර ඇත.

එම අනතුරෙන් ඔහුගේ ඉළ ඇට පහක් කැඩී, කරපටි අස්ථියක් කැඩී, අතක් සහ ඇඟිල්ලක් කැඩී, පෙනහළු ද තුවාල වී ඇත.

අද මේ අධ්‍යාපන කලාප යටතේ ඇති පාසල්වලට විශේෂ නිවාඩුක් - හේතුව මෙන්න

අද මේ අධ්‍යාපන කලාප යටතේ ඇති පාසල්වලට විශේෂ නිවාඩුක් - හේතුව මෙන්න

එසේ වුවත් බ්‍රිතාන්‍ය රියදුරු ඔලී මිල්රෝයි තම ප්‍රතිවාදී ලොක් හාර්ටොග්ට තම ජීවිතය බේරා ගැනීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කර ඇත.

ඒ අනුව ඔහු ඉන්ස්ටග්‍රෑම් හි හදිසි කණ්ඩායම් පැමිණීමට පෙර හාර්ටොග් තමාගේම මෝටර් රථය අතහැර දමා උදව් කිරීමට ඉක්මන් වූ ආකාරය විස්තර කර තිබුණා.

"මම අද රෑත් ජීවතුන් අතර ඉන්නවා, සම්පූර්ණයෙන්ම එක මිනිසෙකුට ස්තූතිවන්ත වෙන්න," "අනතුරට තත්පර 30කට පෙර සහ ඉන් පැයකට පසු මට කිසිවක් මතක නැත, නමුත් ඔහුගේ ඇදහිය නොහැකි නිර්භීත ක්‍රියාව මගේ ජීවිත කාලය පුරාම මතකයේ රැඳෙනු ඇත," මිල්රෝයි පැවසීය.

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

මේ අතර හාර්ටොග් පැවසුවේ ඔහු සහජයෙන්ම ක්‍රියා කළ බවයි.

"මම බොහෝ ඉදිරියෙන් මෝටර් රථයක් විශාල ගිනි බෝලයක් බවට පත් වෙනවා දුටු විට, ඇත්තටම තීරණයක් ගැනීමට නොහැකි විය," ඔහු පැවසුවා. "මම දැකපු දේවල් අනුව, රියදුරුට තනියම එළියට බහින්න බැරි වෙයි කියලා මම අවංකවම විශ්වාස කළා. මම නතර වෙලා, බැහැලා කාර් එක ළඟට ගියා. කිසිම සැකයක් ඇති වුණේ නැහැ. ඒක බය හිතෙන දෙයක්."

මසකට ලීටර් 110 ඉක්මවන පරිශීලකයින්ට පෙට්‍රල් මිල අඟහරුවාදා සිට ඉහළට - මැදපෙරදිග යුද උණුසුම මැද අලුත්ම තීරණයක්

මසකට ලීටර් 110 ඉක්මවන පරිශීලකයින්ට පෙට්‍රල් මිල අඟහරුවාදා සිට ඉහළට - මැදපෙරදිග යුද උණුසුම මැද අලුත්ම තීරණයක්

මේ අතර තරඟ සංවිධායකයින් සඳහන් කළේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කර තරඟ කළමනාකරණය, හදිසි ප්‍රතිචාර දැක්වීම, ගලවා ගැනීමේ මෙහෙයුම් සහ වෛද්‍ය සහාය පිළිබඳ අඩුපාඩු සකස් කරන බවයි.

කෙසේ වෙතත් ජයග්‍රහණයට වඩා මනුෂ්‍ය ජීවිතයක වටිනාකමට ප්‍රමුඛත්වය දෙමින් ලොක් හාර්ටොග් සිදුකළ මෙම ක්‍රියාව ක්‍රීඩා ලෝකයේ බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව ඇත.

හෙට කාලගුණය ගැන හදිසි නිවේදනයක් - මේ පළාත්වලට හෙට මි.මී. 75 ඉක්මවූ තද වැසි

හෙට කාලගුණය ගැන හදිසි නිවේදනයක් - මේ පළාත්වලට හෙට මි.මී. 75 ඉක්මවූ තද වැසි