අද මේ අධ්‍යාපන කලාප යටතේ ඇති පාසල්වලට විශේෂ නිවාඩුක් - හේතුව මෙන්න

Report

නල්ලූර් කන්දස්වාමි කෝවිලේ තේරූ උත්සවය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වලට නිවාඩු ලබා දීමට පියවර ගත යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා නිවේදනය කර ඇති බව සඳහන්.

ඒ අනුව, යාපනය සහ නල්ලූර් අධ්‍යාපන කලාප යටතේ ඇති පාසල්වලට අද (2026.09.09) දින නිවාඩු ලබා දෙන ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇති බව සඳහන්.

නල්ලූර් තේරූ උත්සවය හේතුවෙන් පාසල්වලට විශේෂ නිවාඩු ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

එබැවින් ආණ්ඩුකාරවරයා එම කාරණයට හිතකර ලෙස සලකා බලා ඇති අතර, 2026.09.09 දින යාපනය සහ නල්ලූර් අධ්‍යාපන කලාප යටතේ ඇති පාසල්වලට විශේෂ නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇති බව සඳහන්.

එසේම මෙම නිවාඩුව හේතුවෙන් ඉගෙනුම් කටයුතුවලට සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා ඊට සුදුසු කටයුතු සම්පාදනය කළ යුතු බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇති බව වාර්තා වේ.

අද 2 න් පස්සේ මේ ප්‍රදේශවල කාලගුණය කැළඹෙයි - මි. මී 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

අද 2 න් පස්සේ මේ ප්‍රදේශවල කාලගුණය කැළඹෙයි - මි. මී 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්