2025 නව වසරේ පළමු පෝය දිනය අදයි..දුරුතු පොහොයේ වැදගත්කම මෙන්න.

By Aruna Jan 13, 2025 12:39 AM GMT
Report

බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දුරුතු පුර පසළොස්වක පෝය අද (13) යෙදී තිබෙනවා.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනකයි.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..මුලු සතියෙම පලාඵලත් මෙතනින් දැනගන්න.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..මුලු සතියෙම පලාඵලත් මෙතනින් දැනගන්න.


එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පෝය දිනක සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද අදවන් වූ දුරුතු පොහොය දිනකයි.

දුරුතු පුර පසළොස්වක පෝය නව වසරේ ප්‍රථම පොහොය වන අතර, ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර ඇත.

You May Like This Video