උදා වූ 2026 වසරේ පළමු පොහොය අදයි - දුරුතු පුර පසළොස්වක පොහොය වටින්නේ මේ නිසයි

Report

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අද දිනට යෙදී ඇත.

ඒ අනුව 2026 වසරේ පළමු පොහොය අද වීමත් විශේෂත්වයක්.

ශාසන ඉතිහාසයේ සඳහන් ලෙස මහියංගනයට වැඩම කළ බුදුන්වහන්සේ යක්‍ෂයන් දමනය කිරීම අද වැනි දිනක සිදුව තිබෙනවා.

එහිදී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි කේශ ධාතු මිටක් ලබාදීම සිදුකර ඇත.

එසේම එම ධාතු නිධන් කොට මහියංගන චෛත්‍යය ඉදිකර ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන්.

ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම නිසා අද මේ අයට දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් මිල මුදල් උතුරන දවසක්

ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම නිසා අද මේ අයට දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් මිල මුදල් උතුරන දවසක්

එමෙන්ම බිම්බිසාර රජු විසින් බුදුරදුන් ඇතුලු මහ සඟරුවනට වේළුවනාරාමය පුජා කර ඇත්තේ ද දුරුදු පොහොය දිනකයි.

තවද තුන්බෑ ජටිලයන් දමනය කිරීමත් සිදුවී ඇත්තේ ද අද වැනි දුරුතු පොහෝ දිනයක බවට ශාසන ඉතිහාසයේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වුවත් දුරුතු පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් පැවැත් වේ.

ඔයා ගිතෙල් පාවිච්චි කරාට මේ ගැන දැනගන හිටියද?

ඔයා ගිතෙල් පාවිච්චි කරාට මේ ගැන දැනගන හිටියද?

2026 පාසල් වාරය සමඟින් දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

2026 පාසල් වාරය සමඟින් දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්