දුනිත්ගේ පියාගේ අවසන් කටයුතු ඉරිදා
By Shehan
දුනිත්ගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (21) පැවැත්වීමට නියමිත බව ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව හෙට (20) උදෑසන 9.30 සිට ඔහුගේ දේහය ගල්කිස්ස මහින්ද මල්ශාලාවේදී මහජන ගෞරවය පිණිස ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
පවුලේ ඥාතීන් පවසන පරිදි, සුරංග වෙල්ලාලගේ බරපතළ රෝගී තත්ත්වයකින් පසුවූවෙක් නොවූ අතර, ඔහු මාස හයකට වරක් පමණ වෛද්‍ය පරීක්ෂාවන් සිදුකළ බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
