ඩඩ්ලි..හිටියෙ නැත්තම් ප්‍රශ්නේ මීට වඩා දුර දිග යනවා

Ministry of Agriculture Latest Headlines K.D. Lalkantha Sinhala news Breaking News
By Kaushi Jun 16, 2025 09:09 AM GMT
Kaushi

Kaushi

Report

 කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා විසින් රට පුරා කතා කරන වී, හාල් මාෆියාව පිටු පස සිටින බව පවසන ඩඩ්ලි සිරිසේන වැනි පෞද්ගලික මෝල් හිමියන් නොසිටියා නම් මෙරට වී – හාල් ප්‍රශ්නය ඉතා බරපතළ තත්ත්වයකට පත් වන්නට ඉඩ තිබූ බව ප්‍රකාශ කරයි.

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

ඔහු මේ බව කියා සිටියේ රට පුරා සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කරමින් නිරීක්ෂණ වැඩ රැසකට සහභාගී වෙමින් පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියා.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

''රටේ ගොවි ජනතාව ආරක්ෂා කරමින් ඒ අයට සහන සලසන්න තිබෙනවා. රටේ ආහාර සුරක්ෂිතතාවත් එක්කයි අප ගමන් කරන්නේ. පසුගිය කන්නයේ මේ රටේ ගොවි ජනතාව කෙදිරි ගෑවේ නෑ, නියමිත පරිදි සියලුම සහන ඒ අයට ලබාදීම අප සිදු කළා. ගොවියෝ පාරට බැස්සේ නෑ. උද්ඝෝෂණ කළේ නෑ. ඔවුනගේ වි වලට හොඳ මිලක් ලබාදී තිබෙනවා. බඩ ඉරිඟු සඳහා නියමිත මිල ලැබුණා. ගොවියන්ගේ පිරිවැයට සමාගාමීව ලාභයක් කාලයකට පසුව ලබා දෙන්නට ඒ අයට හැකියාව මේ අනුව ලබාදී තිබෙනවා. මෙම යල කන්නයේදී ගොවියන්ට වාසිදායක මිලක් ලබා ගන්නට කටයුතු කරනවා වාගේම, ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේ සහයෝගයද අප ලබා ගන්නවා. ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේද වෙනස්කම් සිදු කරන ගමන්ම කන්නයේ වී අලෙවි මණ්ඩලයට එන වී වේළා ගන්නට නොහැකි තත්ත්වයට විසඳුමක් අප මේ දිනවල කල්පනා කරමින් සිටිනවා. තෙත වී වේළා ගන්නේ කෙසේද මෙයට විසඳුම් අප ඉදිරියේදී සකස් කරනවා. අප වී මිලදී ගන්නේ රාජ්‍ය අනුග්‍රහයද ඇතිවයි.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

ඒ වගේම පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිවයි. මේ ක්‍රම දෙක තුළින්ම අප ගොවියන්ගේ වී මිලදී ගන්නට වැඩ සටහන් සකස් කර තිබෙනවා. හාල් – වී මාෆියාව ඇති කරන පෞද්ගලික අංශයක් ගැන කතා කරනවා. ඩඩ්ලි සිරිසේන වාගේ පිරිස් ඇත්තටම රටේ හිටියේ නැති නම් ඇත්ත කියන්න වෙනවා. මෙම වී හාල් ප්‍රශ්නය තව තවත් අර්බුදයකට පත් වෙනවා. මේ නිසා මේ අයගේද සහයෝගය ඇතිවයි අප වී – හාල් ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ. ගොවියා, නිෂ්පාදකයා, පාරිභෝගිකයා තිදෙනාම සිටින ඔවුන්ට ලාභ ලැබෙන සේ සියල්ල ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහිත ආර්ථික ක්‍රමය යටතේ සියල්ලටම පහසුකම් ලබාගත හැකි පරිදි කෘෂි කර්මාන්තය දියුණු කරනවා.''

ආණ්ඩුව හොර කරාද නැද්ද කියලා රීසා සාරුක් දුකෙන්ම කියන කථාව

ආණ්ඩුව හොර කරාද නැද්ද කියලා රීසා සාරුක් දුකෙන්ම කියන කථාව

ReeCha