ගාසාවට ඊශ්‍රායල හමුදාවෙන් දැනුම් දීමක්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Report

ගාසා නගරය අත්පත් කරගැනීම තීව්‍ර කරමින් එහි පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්වන මෙන් ඊශ්‍රායල හමුදාව දැනුම්දී ඇත.

ඒ අනුව මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ ගාසා නගරය ආශ්‍රිතව සිදුකිරීමට සැළසුම් කර ඇති භූමි ප්‍රහාරය නිසා බව සඳහන්.

එසේම එහි පදිංචිකරුවන්ට ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මානුෂීය කලාපය වෙත යොමුවන මෙන් ද ඊශ්‍රායල හමුදාව දැනුම් දී තිබෙනවා.

මේ අතර දැනටමත් ගාසා නගරයේ පදිංචිකරුවන් විශාල පිරිසක් එම මානුෂීය කලාපය වෙත යොමුවෙමින් සිටින බව ද වාර්තා වේ.

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අඳාළ කලාපයේ ක්ෂේත්‍ර රෝහල්, ජලනල මාර්ග මෙන්ම ආහාර, කූඩාරම්, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් අඛණ්ඩව ලැබෙන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධීකරණය කටයුතු සිදුකරන බව ඊශ්‍රායල හමුදාව දැනුම්දී ඇත.

එමෙන්ම ගාසා නගරය ආශ්‍රිතව පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් රැදී සිටින අතර, එම ප්‍රදේශය හමාස් සංවිධානයේ ඉතිරිව ඇති අවසන් බලකොටුව වශයෙන් ද වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවා ඇත්තේ ඊශ්‍රායලයේ මෙම භූමි ප්‍රහාරය ඉක්මන් වුවහොත් දරුණු ව්‍යසනයක් සිදු විය හැකි බවටයි.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඳාළ සැළසුමට දේශීයව මෙන්ම විදේශීය ලෙස ද ඊශ්‍රායල රජයට දැඩි විරෝධයක් ද එල්ල වී ඇති බවයි. 

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි