රජයේ වැරදි පෙන්නද්දි මරණ තර්ජන ඉරාජ්, මිලින්දටත් තර්ජන - විපක්ෂ නායක සජිත්

Report

වර්තමාන රජය බලයට පත්වීමත් සමඟම සියලු ප්‍රතිපත්ති වෙනස් කොට ඇති බවත් රට පුරා වෙඩි තැබීම් නන්නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය හිස ඔසවා ඇති බවත් මෙම නිසා සිවිල් ජනයාගේ ජන ජීවිතයත් අවදානම් තත්ත්වයකට පත්වී ඇතිවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පත්මෙගෙ බඩු තියාගත්ත පියල් මනම්පේරි අත්අඩංගුවට

පත්මෙගෙ බඩු තියාගත්ත පියල් මනම්පේරි අත්අඩංගුවට

ඔහු ප්‍රකාශ කරන ආකාරයට මෙයට ආසන්නම සිදුවීමක් පිළිබඳව අදහස් ඉදිරිපත් කරයි. ඒ අනුව මෙයට ආසන්න සිදුවීමවන්නේ බයි තක්සලාව කියන යූටියුබ් නාලිකාව ක්‍රියාත්මක කරන ඉරාජ් වීරරත්න සහ මිලින්ද රාජපක්ෂ යන අයගේ නිවෙස් අසලට අංක තහඩු රහිත බයිසිකල්වලින් විවිධ පුද්ගලයන් පැමිණීම බවත්, මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ට මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයට සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට දැඩි අනාරක්ෂිතභාවයක් මතුව තිබෙන බවත්, විපක්ෂ නායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි සඳහන් කළේ.

එමෙන්ම වත්මන් රජය පසුගිය මැතිවරණ වේදිකාවේ මේස පුටු අරන් ආවොත් ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පවත්වන්නම් කියූ බවත් එදා එහෙම කියූ මේ දේශපාලන පක්ෂය රටේ වගකීම බාර ගත් මොහොතක මේ මිනිමරු සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වී ඇති බවත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ද මෙවැනි තර්ජන එල්ල වීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත්, ඔහු පැවසුවා.

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

විපක්ෂ නායකවරයා පැවසුවේ, මෙසේ මාධ්‍යකරුවන්ට එල්ලවන තර්ජන ගර්ජන ප්‍රජාතන්ත්‍රවදයට එල්ල වන මරු පහරක් බවත්, මෙය වහා වළක්වන්න පියවර ගත යුතු බවත්. මෙකී නාදුනන බයිසිකල්කරුවන් ගැන විමර්ශනය කළ යුතු අතර, රජය ක්‍රියාත්මක කරන නිවැරදි දේ ප්‍රශංසා කරන්නටත් වැරදි දේ විවේචනය කරන්න සියලු පුරවැසියන්ට අයිතිය ඇති බවයි විපක්ෂ නයකවරයාඅ සඳහන් කළේ.

රජයේ නිවැරදි හා වැරදි දේ පෙන්වා දීම ලක්ෂ 220ක් ජනතාවගේ වගකීම බවත්, ඒ අයිතිය ජනතාව සතු අයිතියක් බැවින් ඒ අයිතිය උදුරා ගන්න ආණ්ඩුවට හෝ මැර කණ්ඩායම්වලට හැකියාවක් නොමැති බවත්, ඔහු පෙන්වා දුන්නා.

ඔයාගේ දරුවව දැන්ම බේරගන්න - 2016 ඉදලා පාසල් දරුවන්ට පටන් ගත්ත භයානක ලෙඩ කෝටිය

ඔයාගේ දරුවව දැන්ම බේරගන්න - 2016 ඉදලා පාසල් දරුවන්ට පටන් ගත්ත භයානක ලෙඩ කෝටිය