වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අලුතෙන් ලියාපදිංචි කර ඇති රථවාහන වලින් වාහන ලක්ෂයකට අධික ප්‍රමාණයක් සදහා අංක තහඩු නිකුත් කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

මේ ආකාරයෙන් වාහන අංක තහඩු මුද්‍රණය මාස හයක සිට නැවතීමත් සමඟ ලියාපදිංචි කරන ලද වාහන අතරින් ලක්ෂයකට අධික වාහන ප්‍රමාණයකට අංක තහඩු ලැබී නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පවසයි.

මේ අතරින් වැඩියෙන්ම ලියාපදිංචි වී තිබෙන්නේ යතුරුපැදි බවත් එය 127745ක් බවත් වාර්තා වේ.

විශාල විරෝධතාවයක් - 300ක් අත්අඩංගුවට

විශාල විරෝධතාවයක් - 300ක් අත්අඩංගුවට

ඊට අමතරව මෝටර් රථ 26894ක් ද ත්‍රීරෝද රථ 5809ක් ද ද්විත්ව කාර්ය වාහන 1868 ක් ද ඉඩම් වාහන 2122ක්ද ඇතුළු විවිධ කාණ්ඩ යටතේ වාහන ලියාපංචි කර ඇති බව වාර්තා වේ.

විද්‍යුත් වාහන 25526 ක් ද විද්‍යුත් මෝටර් රථ 3222ක් ද වෑන් රථ 5ක් ත්‍රීරෝද රථ 155ක් යතුරු පැදී 22133 මෙම කාලය තුල ලියාපදිංචි කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම අංක තහඩු මුද්‍රණය නැවතීම මත වාහන අංක තහඩු සකස් කරන ව්‍යාපාරික ස්ථානවල ගාස්තුද අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බව සදහන් වේ.

මෙහෙමත් මිනිස්සු බේරන්න ගිය පොලීසිය ගැනම නරක වීඩියෝ හදලා

මෙහෙමත් මිනිස්සු බේරන්න ගිය පොලීසිය ගැනම නරක වීඩියෝ හදලා

නැවතත් අංක තහඩු මුද්‍රණය කිරීමේ කාර්යය ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් පුද්ගලික සමාගමක් වෙත ලබාදීමට සුදානම් බවද වාර්තා වේ.