හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

Report

පසුගිය දවසක ආණ්ඩුව වැව් මායිම් මැනීම් කටයුතු සිදු කරන බවට සඳහන් කිරීමත් සමඟම නීත්‍යානුකූල නොවන ගොඩනැගිල ඉන් ඉවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

කන්ටේනර් ගැටලුව ගැන අර්චුනාගේ මතය බොරුවක් වෙන්න බැහැ - නාමල් ඇත්ත හෙළි කරයි

කන්ටේනර් ගැටලුව ගැන අර්චුනාගේ මතය බොරුවක් වෙන්න බැහැ - නාමල් ඇත්ත හෙළි කරයි

ඒ අනුව ඩඩ්ලි සිරිසේන මහතා ඉදිකර තිබෙන අරලිය හෝටලයද පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ පවතින හේතුවෙන් එයත් නීත්‍යානුකූල නොවන ඉදිකිරීමක් එනිසා මෙම ඉදිකිරීම මෙතනින් ඉවත් කරන ලෙස බහුතරයක් දෙනා ආණ්ඩුවට බල කරා. එවැනි තත්ත්වයක් උඩ ආණ්ඩුව සඳහන් කළේ ඩට්ලිගේ හෝටලය නීත්‍යානුකූලව ඉදිකර ඇති බවත් එහි ඇති වැට පමණක් ඉවත් කිරීමට සිදුවන බවත්ය.

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

එය සම්බන්ධයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ ඩඩ්ලි සිරිසේන මහතා වෙනස් ආකාරයේ ප්‍රකාශයක් සිදු කර තිබේ.

"මං පාක්ෂග්‍රාහී වෙනවා නෙවෙයි.අපි කණ්ඩායමක් විදිහට රජයත් එක්ක සුහදව වැඩ කළ යුතුමයි.මේක කිව්වහම සමහර අය හිතයි මම මෙහෙම කියන්නේ මගේ සුදු අරලිය හෝටලේ වැට ගලවන්න වෙන නිසා කියලා.ඕනි නම් හෝටලේම ගලවගන්න.නීතියට කවුරුත් යටත්.

එතන නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා ඔව් ඒ බව ඇත්ත.මේ නීතිය මට විතරක් ක්‍රියාත්මක කරනවා නම් ඒ පිළිබඳවත් මම හිතන්න ඕනි.හැබැයි අරයා වැරදි කළා මාත් කරනවා කියන තැනට මම එන්නේ නෑ.මම ඒ වැට ගලවන්න කැමතියි. ඒක මමම ගලවා ගන්නම්.මේ වෙද්දි මම හෝටලේ සම්පූර්ණයෙන්ම සමතලා කරලා දාලා අලුත් හෝටලයක් හදන්න වැඩ ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ. ඕකේ වැරදි අඩුපාඩුත් තියෙනවා. ඕක මම කඩනවා. කඩලා නියමිත ක්‍රමවේදයට හෝටලය හදනවා. ඒකනේ ඕනි එනිසා මම ඒක කරනවා."

යනුවෙන් ඔහු මෙම අවස්ථාවේදී අදහස් ඉදිරිපත් කර තිබේ.

විදුලි ගාස්තු වැඩි කිරීමක්? යෝජනාව අනුමත වෙයිද?

විදුලි ගාස්තු වැඩි කිරීමක්? යෝජනාව අනුමත වෙයිද?