ඩඩ්ලිගෙන් රජයට මිලියන 100ක මූල්‍ය පරිත්‍යාගයක්
අරලිය සමූහ ව්‍යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 100ක මුදලක් ඩඩ්ලි සිරිසේන විසින් පරිත්‍යාග කර තිබේ.
මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වූවන්ගේ සහන වැඩසටහන් වෙනුවෙන් සහ සියලුම සහන සේවා කටයුතු වෙනුවෙන් තවදුරටත් ඔහුගේ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව ඔහු විසින් මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දී ඇත.
එසේම, ඔහුගේ මේ සියලු කර්තව්‍යයන් සිදුකිරීමට ඉමහත් ශක්තියක් ලබා දෙන මගේ පුත් දිමිත්‍ර ඇතුලු අරලිය පවුලේ ඉහළ කළමණාකාරීත්වයටත්, අරලිය සමූහයේ සියලුම ආයතන වල සේවක මණ්ඩළයටත් හදපිරි කෘතඥතාව ඔහු පුද කර තිබේ.