ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි

Report

ප්‍රධාන ජලාශ 36ක් ක් වාන් දමමින් ඇති බව වාරිමාර්ග වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා සදහන් කර තිබේ.

ඒ අනුව මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 46කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බවත් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 9න් ජලාශ 3ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලමද, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 07න් 03ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් ජලාශ 03ක්ද මේ වන විට වාන් දමන බව එතුමා සදහන් කර තිබේ.

තවද , හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජලාශ 04ක්ද, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03න් ජලාශ දෙකක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජලාශ 04ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03න් එක් ජලාශයක්ද මේ වන විට වාන් දොරටු විවෘත බව සදහන්ය.

සියල්ල හැඩවමින් මියගිය පුතුගේ උපාධිය ලබා ගන්න වේදිකාවට පැමිණි මවගේ කතාව

සියල්ල හැඩවමින් මියගිය පුතුගේ උපාධිය ලබා ගන්න වේදිකාවට පැමිණි මවගේ කතාව

ඒ වගේම අධ්‍යක්ෂවරයා සඳහන් කළේ පොළොන්රුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් ජලාශ දෙකක්ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05න් ජලාශ තුනක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් එක් ජලාශයක්ද වශයෙන් වාන් දමන බවයි.

තවද විශේෂයෙන් අදාල ජලාශවල වාන් දොරටු විවෘත කිරීම මගින් නිතුක් කෙරෙන ජල ප්‍රමාණයන් අවම ප්‍රමාණයක පවතින බව එතුමා සදහන් කර තිබේ.

ඒ වගේම ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව මෙම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස්විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

එම නිසා එම ජලාශවල පහළ ප්‍රදේශවල ජනතාව අදාළ ජලාශවලින් ජලය නිකුත්කිරීමේ නිවේදන පිළිබඳ දැඩි අවධානයක් යොමුකිරීම ඉතාමත් වැදගත්බ වසදහන් කරයි

මේ වනවිට ජලාශවල පහළ ප්‍රදේශවල ගංවතුර අනතුරක් හෝ ජල මට්ටම් ඉහළ යෑමක් නිරික්ෂණය නොවන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා තවදුරටත් සදහන් කර තිබේ.

දිට්වා නිසා කුඹුරු හෙක්ටයාර් 11,200ක් යළි වගා කාරන්න බෑ

දිට්වා නිසා කුඹුරු හෙක්ටයාර් 11,200ක් යළි වගා කාරන්න බෑ