ඩුබායි කැන්ඩි කුවීන්ගේ කුඩු ඇද්ද කපල් එක මාට්ටු
ඩුබායි රාජ්‍යයෙන් මෙරටට මත්කුඩු බෙදාහරින “ඩුබායි කුඩු දිලිනි” හෝ “කැන්ඩි කුවීන්” නමින් හැඳින්වෙන කාන්තාවට අයත් මත්කුඩු බෙදාහැරි යුවළක් කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ඊයේ (02) සවස කෑගල්ල, වලකඩයාව ප්‍රදේශයේදී, වයස අවුරුදු 46 ක් වූ කාන්තාවක් සහ 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 40.20 සහ කාන්තාව සතුව හෙරොයින් ග්‍රෑම් 5.520 ලෙස සොයාගෙන තිබේ.
ඊට අමතරව, මොවුන් පැමිණි යතුරුපැදියද අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය සහ සැකකරු කෑගල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කෑගල්ල මහේස්ත්‍රාත් ශෂිකා මිථුනගේ ආරච්චි මෙනෙවිය වෙත ඉදිරිපත් කර ඇති අතර, පසුව දින 7 ක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.