ලබන 23 සිට රටේ කාලගුණයේ වෙනසක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ලබන 23 වනදා සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බවයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, වියළි කාලගුණයත් සමග උදෑසන කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇති විය හැකි බවයි.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තවදුරටත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.