බිරිදව ගහේ ගැටගහලා ඇගට මිරිස්කුඩු ගහලා ලිංගික හිංසා කරලා - හමුදා නිලධාරියා පොලිස් දැලේ

Report

තම බිරිඳට අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදු කර කෲර වද හිංසා කළැයි කියන සිද්ධියකට අදාළව පරසන්ගස්වැව පොලිසිය විසින් නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී. එල්. සමරසිංහ මහතා විසින් අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබළාව මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

පෞද්ගලික අංශයේ වැටුප ඉහළට - මෙන්න විස්තරේ

පෞද්ගලික අංශයේ වැටුප ඉහළට - මෙන්න විස්තරේ

පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ සැකකාර සෙබළා වින්දිත තැනැත්තියට අමානුෂික ලෙස පහරදී පසුව ගසක බැද ඇගේ ශරීරයට මිරිස් කුඩුු ගසා ඇති බවත් අනතුරුව මෙම අස්වාභාවික ක්‍රියාව සිදුකර ඇති බවටත් පැමිණිල්ල ලැබුණු බවයි.

එමෙන්ම රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින පැමිණිලිකාර වින්දිත බිරිය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පවත්වා ඇති වෛද්‍ය පරික්ෂණයේ වාර්තාව ලබන 26 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් පොලිසියට නියෝග කර ඇත.

වාහන රියදුරන්ට හා මහජනතාවට පොලීසියෙන් නිවේදනයක්

වාහන රියදුරන්ට හා මහජනතාවට පොලීසියෙන් නිවේදනයක්

පරසන්ගස්වැව, පානියන්කඩවල මහ තම්මන්නෑව පදිංචි ජී සංජීව අරුණ ශාන්ත නැමැති මැදවච්චිය පූනෑව නාවික හමුදා කදවුරේ සේවය කරන නාවික හමුදා සෙබලෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර සැකකරුගේ මෙම අමානුෂික ක්‍රියා සහ කෲර වදහිංසා හේතුවෙන් සැකකරුගේ බිරිද මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

දෛනික සේවක වැටුප ඉහළට - රජයෙන් තීරණයක්

දෛනික සේවක වැටුප ඉහළට - රජයෙන් තීරණයක්

ඇයව බරපතල ලෙස කෲර වද හිංසා පැමිණවීම හේතුවෙන් ඇය දැඩි ලෙස රෝගීව ප්‍රකාශයක් ලබා ගැනීමට පවා නොහැකි තත්වයක පසුවන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත. පැමිණිල්ල වෙනුවෙන් පරසන්ගස්වැව පොලිසියේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්. අනවර්දීන්ගේ උපදෙස් මත සැරයන් (75201) විජේගුණවර්ධන පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටියේ නැත.