හෂීෂ් මත්කුඩු තොගයක් සමඟ විදේශීය තරුණියක් දැලේ

Sri Lanka Police Crime Sri Lanka Customs
By Gagana News Mar 10, 2025 10:14 AM GMT
Gagana News

Gagana News

Report

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා "හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් ඊයේ (09) කටුනායක ගුවන්තොටේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය වයස අවුරුදු 20 ක් වන කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන අතර, ඇය ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන බවද වාර්තා වේ.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට රාත්‍රී 08.35ට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

දේශබන්දුව හොයාගෙන මගේ ගෙදර ඇවිත් – කතරගම බස්නායක නිළමේ

දේශබන්දුව හොයාගෙන මගේ ගෙදර ඇවිත් – කතරගම බස්නායක නිළමේ

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිලි 03ක ඔතා, මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17යි ග්‍රෑම් 573ක ප්‍රමාණය සඟවා ගෙන තිබියදී, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

 

ඉෂාරා ලංකාවේ ඉන්න බවට විශ්වාසයිලු!

ඉෂාරා ලංකාවේ ඉන්න බවට විශ්වාසයිලු!

ReeCha