මත් කුඩු නිසා අත්අඩංගුවට පත්වූ.. 39 හැවිරිදි මව සහ 23 හැවිරිදි පුතා...

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Sep 24, 2023 04:40 PM GMT
Sithumi

Sithumi

Report

23 හැවිරිදි පුතු සමග මහ පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදුණු 39 හැවිරිදි මවක් රුපියල් ලක්ෂ 10 කට අධික හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසනවා.

සැකකාර මව සහ පුතු සමග හොරයින් මත්කුඩු ග්‍රෑම් 20 කට ආසන්න ප්‍රමාණයක් , පැකට් කිරීම සඳහා යොදා ගන්නා උපකරණ , කුඩා කඩදාසි තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර අපරාධ මැඩලීමේ රාජකාරියේ යෙදී සිටි පිලියන්දල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් බටකැත්තර ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධකයක් යොදවා රථ වාහන පරීක්ෂාවේ දී යෙදී සිටියදී පිළියන්දල දෙස සිට බටකැත්තර දෙසට පැමිණි යතුරුපැදියක් නැවැත්වීමට සංඥා කර තිබුණා.

පොලිස් නිලධාරීන් යතුරු පැදිය නැවැත්වීමත් සමගම එහි පිටුපස පැමිණි කාන්තාව මදක් පසුපසට ගමන් කර තිබූ අතර පැදිකරු ගෙන් යතුරු පැදියට අදාළ ලිපි ලේඛන විමසීමේ දී එහි ආදායම බලපත්‍රය සහ රක්ෂණ සහතිකය නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහුට කතා කිරීමට අපහසුවී වෙව්ලීම හේතුවෙන් ඔහු සමග පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන් දෙසට කැඳවා පොලිස් කාන්තාවක් ලවා ඇය අත දරා සිටි ගමන් බෑගය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී හෙරොයින් මත්කුඩු ගෑම් 14 මිලිගෑම් 910 ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

අනතුරුව සැකකරු සහ සැකකාරිය පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව රඳවා ගැනීමේ නියෝග ලබාගෙන ඔවුන් ඊට මාස 6කට පමණ ඉහත දී බදු පදනම මත බටකැත්තර ප්‍රදේශයේ ලබාගෙන තිබූ නිවස පරික්ෂා කිරීමේදී එහි කාමරයේ ඇඳක මෙට්ටයක් යට සඟවා තිබූ තවත් හොරයින් මත් කුඩු ගෑම් 4 මිලිගෑම් 540 ක් සහ කාමරය තුළ මත්කුඩු පැකට් කිරීමට ගන්නා උපකරණ ඇතුළු කඩදාසි තොගයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

අතට සැකකාරියගේ සහ සහ සැකකරුගෙන් වෙන වෙනම සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රටේ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ දෙන නිලංග නැමැත්තෙකු ට අයත් මත්ද්‍රව්‍ය මෙලෙස ජාවාරම් කරන බවත් පැකට් කිරීම සහ බෙදාහැරීම තමන් වෙත පැවරී ඇති බවත් ප්‍රකාශ කර තිබෙනවා.

- සිතුමි - 

ReeCha